සමිති සඳහා පූර්ව අනුමත ණය සීමාව
සමුපකාර / සමිතිවලට මෙම පූර්ව අනුමත ණය පහසුකම ඕනෑම හදිසි නැවත ණය දීම හෝ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා යොදා ගත හැකි අතර වැඩකරන දින 3 ක් ඇතුළත අරමුදල් ලබා ගැනීමට සහතික වේ. සමිතියේ ඇපකර / ගෙවීමේ හැකියාව මත පදනම්ව ණය ප්‍රධානය කරනු ලැබේ. මෙම ණය වාර්ෂිකව සමාලෝචනය කෙරෙන අතර එමඟින් සමුපකාර හා සමිතිවලට අවම අනුමත කිරීම් සහිතව පූර්ව අනුමත මුදල යටතේ බෙදාහැරීම් ප්‍රමාණයක් ලබා දිය හැකිය.
ගිණුමේ විශේෂාංග හා ප්‍රතිලාභ
- අවම ලියකියවිලි සමඟ වැඩ කරන දින 3 ක් තුළ ලබා ගත හැකිය.
- සමිතියේ ණය ප්‍රමාණය හා ගෙවීමේ හැකියාව වාර්ෂිකව සමාලෝචනය කෙරේ.
- අධ්‍යක්ෂ මණ්ඩල ණය කමිටුවේ සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියට යටත්ව, ඇපකරයක් නොමැතිව මිලියන 30 ක් දක්වා ලබා ගත හැකිය.
- පූර්ව අනුමත ණය සීමාවට යටත්ව ණය යෝජනා ක්‍රමය මත ආපසු ගෙවීම් සිදුකල යුතුය.
ගිණුමක් ආරම්භ කිරීම සඳහා සුදුසුකම්
- සණස සමිති, විවිද සේවා සමුපකාර සමිති, සමුපකාර සහ වෙනත් ලියාපදිංචි සමිති වලට මේ සඳහා අයදුම් කල හැක.
- එක් එක් සිද්ධිය අනුව අවදානම අවම කිරීම සඳහා සුදුසු ඇපකරයක් අවශ්‍ය වේ
- CRIB ණය ඉතිහාසය සහ ණය වාර්තා ණය නිකුත් කිරීමට පෙර සමාලෝචනය කෙරේ
අවශ්‍යය ලියකියවිලි
- නියමිත පරිදි සම්පූර්ණ කරන ලද ණය අයදුම්පත්‍රය
- සමිති හා සංගම් ගිණුම් ආරම්භ කිරීම සඳහා වන අයදුම්පත
- සංගමය ලියාපදිංචි කිරීමේ සහතිකය
- සංගමයේ සංදේශ හා ව්‍යවස්ථාවේ පිටපතක්
- පහසුකම ලබා ගැනීම වෙනුවෙන් සම්මත වූ අධ්‍යක්ෂ මණ්ඩලයේ යෝජනාවේ සහතික කළ පිටපතක්
- සංගමයක් ප්‍රකාශයට පත්කිරීමේ පෝරමය
- අත්සන් කාඩ්පත