ද්‍රවශීලතා සහ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා චක්‍රීය ණය
සංගම් වල ද්‍රවශීලතා සහ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද මෙම කෙටිකාලීන ණය පහසුකම වාර්ෂිකව සමාලෝචනය කරනු ලැබේ, එවිට සමුපකාර හා සමිතිවලට අනුමත චක්‍රීය මුදල යටතේ බෙදාහැරීමේ ප්‍රමාණයක් ලබා දිය හැකිය.
ගිණුමේ විශේෂාංග හා ප්‍රතිලාභ
- සංගමයේ ආපසු ගෙවීමේ හැකියාව මෙන්ම අවශ්‍යතාව මතද පදනම්ව ණය මුදල තීරණය කෙරේ.
- පවත්නා පොලී අනුපාත යටතේ මාසික වාරික මගින් අපසු ගෙවීමේ හැකියාව.
- අධ්‍යක්ෂ මණ්ඩල ණය කමිටුවේ සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියට යටත්ව, පෙර ණය සතුටුදායක ලෙස ආපසු ගෙවා ඇති සමුපකාර සඳහා ඇපකරයක් නොමැතිව මිලියන 30 ක් දක්වා.
- ණය පහසුකම වාර්ෂිකව සමාලෝචනය කෙරේ
ගිණුමක් ආරම්භ කිරීම සඳහා සුදුසුකම්
- සණස සමිති, විවිද සේවා සමුපකාර සමිති, සමුපකාර සහ වෙනත් ලියාපදිංචි සමිති වලට මේ සඳහා අයදුම් කල හැක.
- එක් එක් සිද්ධිය අනුව අවදානම අවම කිරීම සඳහා සුදුසු ඇපකරයක් අවශ්‍ය වේ
අවශ්‍යය ලියකියවිලි
- නියමිත පරිදි සම්පූර්ණ කරන ලද ණය අයදුම්පත්‍රය
- සමිති හා සංගම් ගිණුම් ආරම්භ කිරීම සඳහා වන අයදුම්පත
- සංගමය ලියාපදිංචි කිරීමේ සහතිකය
- සංගමයේ සංදේශ හා ව්‍යවස්ථාවේ පිටපතක්
- පහසුකම ලබා ගැනීම වෙනුවෙන් සම්මත වූ අධ්‍යක්ෂ මණ්ඩලයේ යෝජනාවේ සහතික කළ පිටපතක්
- සංගමයක් ප්‍රකාශයට පත්කිරීමේ පෝරමය
- අත්සන් කාඩ්පත