ස්ථාවර සහ වගකිව හැකි ආයෝජන සැලසුමකින් පමණක් ප්රදානය කළ හැකි ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය නිදහස ලබාදෙන පරිදි සැකසූ විශිෂ්ටතම ආයෝජන සැලසුමක් වන SDB ආයෝජන සමඟ පුළුල්ව සහ බොහෝ ඉදිරියට ඔබගේ අනාගතය සැලසුම් කර ගත හැකිය. ගිණුම අවශ්‍ය පරිදි තෝරාගත හැකි පරාසයක පවතින නියමිත ආයෝජන සැලසුම් හා කාලය සමඟින් අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවයෙන් බැහැර හා මානසික ආතතියකින් තොර මූල්‍ය සුරක්ෂිතතාවයක් සඳහා යෝග්‍යතම විසඳුම SDB ආයෝජන මඟින් ඔබට සැපයෙනු ඇත
දැන් විමසන්න
ආයෝජන කැල්කියුලේටරය
ගිණුමේ විශේෂාංග හා ප්රතිලාභ
- සාමාන්‍ය ඉතිරි කිරීමේ ක්‍රම සමඟ සැසඳීමේ දී ඉහළ පොලී අනුපාතිකයක් සමඟ ආයෝජන කාලය අතරතුර පොලී අනුපාතිකය ඉහළ යෑමේ විභවය
- මාසික ආයෝජනය සිදුකළ යුතු දිනය ගනුදෙනුකරුගේ රුචිකත්වය අනුව තීරණය කළ හැක
- ආයෝජන ඉලක්කය හා ආයෝජන කාල සීමාව ගනුදෙනුකරු විසින් තෝරාගත හැක
- ඉලක්ක ගත මුදල: රු.15,000/- ක අවමයක සිට රු.මිලියන 10ක උපරිමයක් දක්වා
- ආයෝජන කාල සීමාව: වසරක 1ක අවමයක සිට වසර 10ක උපරිමයක් දක්වා
- දෛනිකව සුළු ප්‍රමාණයකින් ඉතිරි කිරීමේ අවස්ථාව සලසමින්, අපහසුවකින් තොර හා කාලය ඉතිරි කරන ආයෝජන විසඳුම් සමඟින් ගිණුම් හිමියන්ගේ නිවස්න ආසන්නයට පැමිණෙන බැංකු පහසුකම්
ගිණුමක් ආරම්භ කිරීම සඳහා සුදුසුකම්
- වයස අවුරුදු 18ට වැඩි ඕනෑම ශ්‍රී ලාංකික පුරුවැසියෙකුට ආයෝජන ගිණුමක් ආරම්භ කළ හැකි වේ
අවශ්‍ය කරන ලියවිලි
- නිසි පරිදි සම්පූර්ණ කරන ලද ගිණුම ආරම්භ කිරිම සඳහා වන අයදුම් පත්‍රය
- අනන්‍යතාවය සඳහා ජාතික හැඳුනුම්පතේ/විදේශ ගමන් බලපත්‍රයේ/ රියදුරු බලපත්‍රයේ ඡායා පිටපතක්
- ජාතික හැඳුනුම්පතේ හෝ අනන්‍යතාවය තහවුරු කරන ලේඛනයේ තැපැල් ලිපිනය වර්තමාන තැපැල් ලිපිනයෙන් වෙනස් වන අවස්ථාවක දී ලිපිනය තහවුරු කෙරෙන ලේඛනයක් (උදා. ස්ථාවර පහසුකමක් සඳහා වන උපයෝගී බිල්පතක, බැංකු ප්රකාශනයක ඡායා පිටපතක්)
තැන්පතු වගකීම් උපරිම වශයෙන් එක් තැන්පත්කරුවෙකුට රු. 1,100,000/- දක්වා වන්දි සඳහා අදාළ වාරික ගෙවීමෙන් මුදල් මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන ලද ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය තුල රක්ෂණය කර ඇත. - https://www.cbsl.gov.lk/en/sri-lanka-deposit-insurance-scheme