සණස කල්බදු පහසුකම් ඔබගේ කල්බදු සම්බන්ධ සියලුම අවශ්‍යතා සඳහා අසමසම විසඳුම් ලබාදීම සඳහා අඛණ්ඩව කැපවී සිටියි. ඕනෑම ලියාපදිංචි කළ හෝ ලියාපදිංචි නොකළ වාහන, යන්ත්‍රෝපකරණ හා උපකරණ යනාදිය සඳහා එමඟින් පහසුකම් සැපයේ.
ගිණුමේ විශේෂාංග හා ප්රතිලාභ
- තරඟකාරී අනුපාතික යටතේ නම්‍යශීලී ආපසු ගෙවීමේ ක්‍රම සමඟින් තනි තනි පුද්ගලයන්ගේ වාණිජමය අවශ්‍යතාවලට අනුකූල වන පරිදි සැකසූ කල්බදු පහසුකම් පැකේජ
- නියමිත කාලයට ප්‍රථමයෙන් සිදු කරන බේරුම් කිරීම් සඳහා ආකර්ෂණීය වට්ටම් ලබා දේ.
- දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලය ඔස්සේ කල්බදු පහසුකම් සඳහා පහසු ප්‍රවේශයක් ලබා දේ.
- පෞද්ගලික හා වාණිජ වාහන සඳහා ලීසිං පහසුකම් තිබේ.
ගිණුමක් ආරම්භ කිරීම සඳහා සුදුසුකම්
- SDB ණය නිර්ණායක සපුරාලන නැවත ආපසු ගෙවීමේ හැකියාව සහිත වයස අවුරුදු 18ට වැඩි ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුට සණස ලීසිං පහසුකම ලබාගත හැකි වේ.
අවශ්‍ය කරන ලියවිලි
- සණස කල්බදු පහසුකම් ලබාගැනීමේදී පිරවීම අවශ්‍ය කෙරෙනුයේ අවම ෆෝරම සංඛ්‍යාවකි.
- නියමිත පරිදි සම්පූර්ණ කරන ලද කල්බදු පහසුකම් ලබාගැනීමේ ඉල්ලුම් පත්‍රය
- අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පතේ/විදේශ ගමන් බලපත්‍රයේ/ රියදුරු බලපත්‍රයේ ඡායා පිටපතක්
- ජාතික හැඳුනුම්පතේ හෝ අනන්‍යතාවය තහවුරු කරන ලේඛනයේ තැපැල් ලිපිනය වර්තමාන තැපැල් ලිපිනයෙන් වෙනස් වන අවස්ථාවකදී ලිපිනය තහවුරු කෙරෙන ලේඛනයක් (උදා. උපයෝගී බිල්පතක, බැංකු ප්රකාශනයක ඡායා පිටපතක්)
- බැංකු ප්රකාශනයක් මඟින් ආදායම පිළිබඳ සහතික වීමක්
- කල්බදු ක්‍රමය යටතේ ලබා ගැනීමට යන වාහනයට සහ/හෝ යන්ත්‍රයට අදාළ ඉන්වොයිසිය සහ තක්සේරු වාර්තාව